Loading..

බන්ධනාගාර රැඳවියන්ගේ කිචි කැවිල්ල මරණයෙන් කෙළවර වෙයි! රැඳවියෙක් තවත් අයෙකුව උස්සා පොළවේ ගහලා!

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර කිචි කැවීමේ සිද්ධියක් හේතුවෙන් වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් රැඳවියෙකු ඝාතනය කර ඇතැයි ත්‍රිකුණාමලය වරාය පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ රැඳවියාත් ඝාතනය සිදුකළ රැඳවියාත් එකම සිරමැදිරියක රඳවා සිට තිබේ.

ඝාතනය සිදුකළ රැඳවියා ඝාතනයට ලක්වූ රැඳවියාට කිචි කවා ඇති අතර එහිදී කිචි කැවීමට ලක්වූ රැඳවියා කිචි කැවූ රැඳවියාට මව සිහිපත් කරමින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.

මවට බැණ වැඳීමෙන් උරණ වූ කිචි කැවූ රැඳවියා අනෙක් රැඳවියාට පහරදී ඔහුව උස්සා පොළොවේ ගසා තිබේ.

එම අවස්ථාවේදී පහර කෑ රැඳවියාගේ හිස සිමෙන්තියක වැදී අධික රුධිර වහනයක් සමග සිහිසුන් වී නිසා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා ඊයේ දහවල් මියගොස් තිබේ.



from TODAY NEWS LK https://ift.tt/kINgqmx
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.