Loading..

අද සිට වැසි තත්ත්වයේ වෙනසක්

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.

රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post අද සිට වැසි තත්ත්වයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zoe5p2r
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.