හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) පෙරවරු 9.30 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මීට පෙර පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට කැඳවීම් කර තිබුණ ද, සිය නීතීඥවරයා මාර්ගයෙන් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවෙන් අද දිනයේ යළිත් මෙලෙස පෙනී සිටින ලෙස දන්වා ඇත.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මීට පෙර අවස්ථාවක කළ දැනුම්දීමකට අනුව මන්ත්‍රීවරයා දිවයිනේ රැඳී නොසිටීම නිසා වෙනත් දිනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම නව දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
The post ශිරන්ති රාජපක්ෂ අද FCIDයට! නාමල් රාජපක්ෂ CIDයට! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/buL0Jla
via IFTTT

