රාජ්‍ය සේවයේ පවතින බරපතළ වැටුප් විෂමතා ඉවත් කරන තුරු විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙන ලෙස සමගි අධ්‍යාපන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, සුබෝධනී කමිටුව අනුව මීළඟ අයවැයෙන් ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීම් සිදු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.
සමගි ජන බලවේගයේ ජාතික වෘත්තීය සමිති ලේකම් ප්‍රියන්ත පත්බේරිය පවසන්නේ, වැටුප් වැඩි කරන තුරු ජීවන අංකය ලෙස සොච්චම් මුදලක් දීම තේරුමක් නොමැති බවයි.
ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ ගුරුවරුන් මූලික වී කළ පළමු අරගලයෙන් බවත්, වත්මන් ආණ්ඩුව ගුරු විදුහල්පති වැටුප් වැඩි කරන බවත් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සියයට 25කින් වැඩි කරන බවත් මැතිවරණයට පෙර කී බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඒ, අනුව උදය ආර්. සෙනෙවිරත්න කමිටුව අනුව රාජ්‍ය සේවකයන්ටත්, සුබෝධනී කමිටුව අනුව ගුරු – විදුහල්පතිවරුන්ටත් මේ වසරේ අය – වැය ඔස්සේ වැටුප් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව පත්බේරිය මහතා සඳහන් කර සිටියා.
The post ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙනුවෙන් රුපියල් 25000ක දීමනාවක් ඉල්ලයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/l1niGum
via IFTTT

