ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ආසනයේ වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්ව තිබේ.
මෙම ඡන්ද විමසීම ජනවාරි 05 වෙනිදා පවත්වා තිබෙනවා.
එහිදී සමූපකාර ප්‍රාදේශික 18න් 16කම බලය ලබාගැනීමට සජබ ප්‍රමුඛ විපක්ෂයට හැකිවී ඇති අතර ජාතික ජන බලවේගයට දිනා ගැනීමට හැකිවී ඇත්තේ ප්‍රාදේශික 02ක බලය පමණි.
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් ප්‍රධාන පෙළේ මැතිවරණයක් හා සමානව අත් පත්‍රිකා සහ කාඩ්පත් මුද්‍රණය කරගෙන ගෙන්ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කළ බවයි.
පසුගිය කාල සීමාවේ පැවති සමූපකාර මැතිවරණ රාශියක ජය පහසුවෙන්ම තමන් සතු කරගත් ජාතික ජන බලවේගයට මෙහිදී පරාජය අත්වීම සුවිශේෂී කරුණකි.
The post රටේම සමූපකාර ජයගත් මාලිමාවට වැලිවිටියේදී අන්ත පරාජයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/TrPQWfJ
via IFTTT

