Loading..

ශ්‍රී ලංකාව ගැන IMF තීරණය පෙබරවාරි 28 දා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්ථීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය සම්බන්ධයෙන් විශේෂ විධායක මණ්ඩල සාකච්ඡාවක් මෙම මස 28 වනදා පැවැත්වීමට නියමිත බව එම අරමුදල නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් පසුගියදා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ විස්ථීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය අනුමත කිරීම සඳහා විධායක මණ්ඩලය මෙම මස 28 වන දින රැස්වීමට නියමිත වනවා.

පසුගිය වසරේ නොවැම්බර් 23 වන දින තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණියා.

මෙම මස 28 වනදින එම අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමග ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 333ක මූල්‍ය පහසුකමක් හිමිවනවා.

ශ්‍රී ලංකාවට සිව්වන වාරිකය නිකුත් කිරීම සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවත් අනුමැතිය රදාපවතින්නේ වැඩසටහන යටතේ හඳුනාගෙන ඇති පරාමිතීන්ට අනුකූල අයවැය ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග බලධාරීන් ක්‍රියාත්මක කිරීම මත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර ප්‍රකාශ කළා.

කෙසේ වුවද පසුගිය සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි.

එමෙන්ම පසුගිය වසරේ සිව්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.5%කින් ප්‍රසාරණය වී ඇති බවද ඇය සඳහන් කළා.

The post ශ්‍රී ලංකාව ගැන IMF තීරණය පෙබරවාරි 28 දා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zKfPECA
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.