Loading..

ප්‍රදේශ කිහිපයකට අද දැනෙන උණුසුමක්! ප්‍රදේශ කිහිපයකට වැසි!

දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත්වලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ නිසා වැඩබිම් තුළ රැදී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් දැනුම් දෙනවා.

වාහන තුළ කුඩා ළමයින් තනිවම රදවා නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.

The post ප්‍රදේශ කිහිපයකට අද දැනෙන උණුසුමක්! ප්‍රදේශ කිහිපයකට වැසි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CmHVn5q
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.