ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
නැගෙනහිර, ඌව, උතුරු මැද,සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන්.
ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන් ම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post ප්‍රදේශ රැසකට තද වැසි! ඉදිරි පැය 36ට අදාළ කාලගුණ නිවේදනය මෙන්න! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ocCZQlS
via IFTTT


