Loading..

ගහපු මත්පැන් බද්දට අනුව අරක්කු, බියර්,විස්කිවල නව මිල ගණන් මෙන්න

ඊයේ (11) දින සිට ක්‍රියාත්මක වන පරිදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යසාර සහ දුම්වැටි මත සුරාබදු ඉහළ නැංවීය.

එම අනුව, මධ්‍යසාර කාණ්ඩ 9ක් සඳහා අය කෙරෙන බදු ඊයේ සිට සංශෝධනය කර තිබෙනවා.

නව බදු සංශෝධනත් සමඟ රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ යනවා.

ඒ, අනුව ගල් අරක්කු බෝතලයක නව මිල වන්නේ රුපියල් 3,682ක්.

එමෙන්ම රුපියල් 3,850ක්ව පවතින පොල් අරක්කු බෝතලයක මිල රුපියල් 109කි ඉහළ යන අතර එහි නව මිල වන්නේ 3,959ක් ලෙසටයි.

ඊට අමතරව පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අරක්කු බෝතලයක නව මිල වන්නේ රුපියල් 4,106ක්.

එමෙන්ම අති විශේෂ පරණ අරක්කු බෝතලයක රුපියල් 109කින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 4,359ක් දක්වා ඉහළ යනවා.

එමෙන්ම, සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිවන අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩි වේ.

තවද, දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල ද රුපියල් 100කින් ඉහළ යනු ඇත.

කෙසේ වෙතත්, විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ යයි.

The post ගහපු මත්පැන් බද්දට අනුව අරක්කු, බියර්,විස්කිවල නව මිල ගණන් මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vhOSQVc
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.