ලොරි රථයක් සහ ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (15) එම අනතුර සිදුවී ඇත්තේ, පොළොන්නරුව, ඕනෑගම මාර්ගයේ වළේකඩේ හංදිය ප්‍රදේශයේදීය.
අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ 10 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වෙයි.
අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, ට්‍රැක්ටරයේ ගමන්කළ කාන්තාවන් දෙදෙනෙකි.


