Loading..

බිරිඳ නිසා පොලිසියට හසු වූ සුපිරි ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතක සැකකරු “කුඩු අංජු” ගැන පොලීසියෙන් නිවේදනයක්

ප්‍රංශයේදී එරට පොලීසිය විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන රන්ජන් සිල්වා ඝාතනයේ සැකකරුවෙකු වූ සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලීසිය විසින් මෙරටට දැනුම් දී ඇති අතර ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි කුඩු අංජු පසුගිය කාලයේදී මෙරටින් පළාගොස් තිබුණි.

මෙරට ආරක්ෂක අංශවලට ඔහු විවිධ රටවල්වල ජීවත්වූ බවට වාර්තා වුවත් අවසන්වරට ප්‍රංශයේ ජීවත්වන බවට තහවුරු වී තිබුණි.

කුඩු අංජු නමැත්තා යුරෝපය ඇතුළු විවිධ රටවල්වල සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව සඳහන්ය. මේ අතර ප්‍රංශ පොලීසිය විසින් මීට දින දෙකකට පමණ ඉහතදී බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඔහුව  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳඟහන් කළේ, ඒ ඔහුගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අනුවය. ඒ අනුව, ජාත්‍යන්තර පොලීසිය එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ දැනුවත් කළ බවය.

ඒ අනුව, ඉදිරියේදී ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව ආරක්ෂක අංශ පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් සිල්වා මහතාගේ ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස 2018 වසරේදී “කුඩු අංජුව” නම් කර තිබුණි.

එමෙන්ම අඟුලාන ප්‍රදේශයේ ලක් මැඳුර හෝටලයට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් ද සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් කුඩු අංජුට චෝදනා එල්ල විය.

The post බිරිඳ නිසා පොලිසියට හසු වූ සුපිරි ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතක සැකකරු “කුඩු අංජු” ගැන පොලීසියෙන් නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UR4TA8n
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.