Loading..

Dj සංගීතය අතරට පැමිණ මාර වෙස් ගත් වෙඩික්කරුවෝ


 ගාල්ල, දඩැල්ල ප්‍රදේශයේදී වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.

ඊයේ (15) රාත්‍රී කාලයේ එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 36 හැවිරිදි පුද්ගලයෙකි.

දඩල්ල ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකින් පසු රාත්‍රී කාලෙයේ පැවති DJ සංගීතයක් නරඹමින් සිටි මරණකරු ඉලක්ක කර ගනිමින් එම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති බවත් මරණකරු හා සැකකරුවන් අතර නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවති අමනාපයක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තවද එක් සැකකරුවෙකු මරණකරුගේ ඥාතියෙකු වන අතර මෙම වෙඩිතැබීමට පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.  


أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.