Loading..

අත සැපුවාට 1 වසරේ දියණියට කනේ පහරක් ගැසූ ගුරුවරිය රිමාන්ඩ්

අම්පාර – පානම ප්‍රදේශයේ පිහිටි ජාතික පාසලක අවුරුදු 05ක් වයසැති පළමු ශ්‍රේණියේ දැරියකගේ කනට දරුණු ලෙස පහරදුන් සිද්ධියකට අදාළව පන්ති භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය විසින් තවත් දරුවෙකුගේ අත සපා කෑම නිසා ඊට දඬුවම් ලෙස අදාළ ගුරුවරිය පසුගිය 10 වනදා දැරියගේ කණට පහර දී ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

ගුරුවරියගේ පහරකෑමට ලක්වූ දරුවා පානම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දී දරුවාගේ කණෙන් රුධිරය වහනය වූ නිසා පොතුවිල් මූලික රෝහලට ඇතුලත් කර තිබිය දී නාසයෙන් ද රුධිරය වහනය වීමත් සමග අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විටත් දැරිය එම රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වෙනවා.

මේ පිළිබඳව පොලීසියට මෙන්ම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ද පැමිණිලි ලැබී ඇති අතර, 54 හැවිරිදි සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

The post අත සැපුවාට 1 වසරේ දියණියට කනේ පහරක් ගැසූ ගුරුවරිය රිමාන්ඩ් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WVFcg3h
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.