Loading..

බොරතෙල් මිල යළි වේගයෙන් පහතට

ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට අමෙරිකාව තීරණය කිරීමත් සමග, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (12) දිනයේ යළි පහළ ගොස් තිබේ.

ඊයේ (11) දිනයේදී අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබූ බොරතෙල් බැරලයක මිල, මෙම නව තත්ත්වයත් සමග අද දිනයේ යළිත් ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණීම විශේෂත්වයක්ය.

අද උදෑසන පැවති නවතම මිල ගණන් අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 89.33ක් ලෙසද, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 87.25ක් ලෙසද සටහහන්ව තිබූ අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 86.74ක් වී තිබේ.

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ඊයේ (11) ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට පියවර ගැනීමත් සමග දෙරට අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. 

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මරමස්ථානයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ වසා දැමීමට ඉරානය කටයුතු කළේය.

මෙම භූදේශපාලනික බලපෑම හේතුවෙන් ඊයේ දිනයේදී ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වඩා වැඩි ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

ඒ අනුව බ්‍රෙන්ට් තෙල් මිල 2.47%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.40ක් ලෙසද, අමෙරිකානු WTI තෙල් මිල 2.89%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 92.63ක් ලෙස ඊයේ උපරිම මිල ගණන්  සටහන් විය.

කෙසේ වෙතත්, අමෙරිකාව සිය හමුදා ප්‍රහාරක සැලසුම් අවලංගු කිරීමත් සමග ඇති වූ ලිහිල්භාවය හේතුවෙන් බොරතෙල් මිල මෙලෙස කෙටි කලක් ඇතුළත නැවතත් පහළ මට්ටමකට පැමිණ තිබේ.

The post බොරතෙල් මිල යළි වේගයෙන් පහතට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FJeMzYL
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.