Loading..

දේවස්ථානය ඉඳිකිරීමට යොදාගත් ගඩොලක් ලක්ෂ 5කට විකුණලා! දේවගැති ජෙරම් ගැන නව අනාවරණයක්!

බුදුන් වහනසේට කළ අපහාසය සම්බන්ධව අත්අඩංගුවට ගැනීටම සොයන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇත.

අධිකරණය මගින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධ විදෙස් ගමන් තහනමක් ගැනීමට පෙරදින ඔහු සිංගප්පූරුව බලා ගිය අතර, යළිත් ලබන ඉරිදා මෙරටට එන බව දැනුම් දී ඇත.

ජෙරොම් ප්‍රනාන්දු තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ මිරකල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 09ක් බව අනාවරණය වී ඇත.

මෙම අක්කර හතරක ඉඩම ලබාදී ඇත්තේ එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසිනි.

මෙම සභාව වෙත ලන්ඩන්, යුරෝපය, ඇමරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වල දේවගැතිවරුන් යාච්ඤා මෙහෙයන් සඳහා මෙරටට පැමිණෙන අතර එම රටවලින්ද මෙම ආයතනය වෙත ආධාර මුදල් ලැබෙන බවද හෙළිවී තිබේ.

මෙම සභාව වෙත ආධාර ලෙසින් ලබාදෙන මුදල් සඳහා රිසිට්පත් ලබානොදෙන බවත්, ආධාර සඳහා ගෙවිය හැකි අවම මුදල රුපියල් ලක්ෂ පහක් බවත් හෙළිවී ඇත. දේවස්ථානය ඉදි කිරීමේදී එයට යොදාගත් ගලක් විකුණා ඇත්තේද ලක්ෂ පහකටය.

මෙම ආයතනය වෙත ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත් කරන බව විමර්ශනවලදී තොරතුරු ලැබී ඇත. ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස දෙකක් දේවගැතිගේ පවුලේ අයගේ නමින් මිලදීගෙන ඇතැයි හෙළිවී තිබේ.
උපුටා ගැනීම – අරුණ පුවත්පත (තිස්ස රවීන්ද්‍ර පෙරේරා)

The post දේවස්ථානය ඉඳිකිරීමට යොදාගත් ගඩොලක් ලක්ෂ 5කට විකුණලා! දේවගැති ජෙරම් ගැන නව අනාවරණයක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/t3gxuwU
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.