Loading..

මහ බැංකුවෙන් සියලුම වාණිජ බැංකු වෙත දැනුම්දීමක්

ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරිමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබූ විධාන වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු දැනුවත් කර ඇති බව මහ බැංකුව පවසයි.

2022 වසරේ මැයි 19 වනදා බැංකු පනතේ නියෝගයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක ආන්තික නැත්පතුවක් පවත්වා ගත යුතු බවට දැනුම් දී තිබු අතර, 2023 වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කළ තවත් නියෝගයකින් අදාළ ආනයන ලැයිස්තුවට තවත් භාණ්ඩ පෙළක් එක්කරනු ලැබීය.

නව විධානයට අනුව එම නියෝග වහා ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

The post මහ බැංකුවෙන් සියලුම වාණිජ බැංකු වෙත දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0QtgKoU
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.