ජාතික පාසල්වල දස වසරක සේවා කාලයකින් පසු වාර්ෂික ස්ථාන මාරු ලබා පැමිණෙන ගුරුවරුන්ට රාජකාරි භාර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ ජාතික පාසල් විදුහල් ප්‍රධානීන්ට කාරුණික දැනුම් දීමක් කර තිබේ.
මෙම දැනුම් දීම කර ඇත්තේ ස්ථාන මාරු ලබන ගුරුවරුන්ට රාජකාරි භාර දීම ඇතැම් ජාතික පාසල් ප්‍රධානීන් ප්‍රතික්ෂේප කරන බවට අමාත්‍යාංශයට ලැබී තිබෙන පැමිණිලි අනුව ය.
මේ අතර ස්ථාන මාරු ලැබීමට අකැමැති ගුරුවරුන්ගේ අභියාචනා සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබ තිබේ. ස්ථාන මාරු ලබන ගුරුවරුන්ට රාජකාරි භාර ගැනීමට ඉඩ නොදී ප්‍රධාන පෙළේ පාසල්වලම රැඳී සිටීමට මාන බලන ගුරුවරුන්ගේ අභියාචනා සලකා බැලීමට කමිටු පත් කිරීම විහිළුවක් බව ගුරු වෘත්තිය සංගම් පවසයි. කමිටු පත් කිරීමෙන් අවබෝධ වන්නේ කළ යුතු ස්ථාන මාරු නතර කිරීමට යැයි ද එම සංගම් චෝදනා කරයි.
The post මාරුවීම් ලබා එන ගුරුවරුන්ට වගකීම් පවරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/y2GRZdY
via IFTTT


