සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය විදුලිය ඉන්ධන සහ දුරකථන වෙනුවෙන් භාවිත කරන ලද මාසික ඒකක ගණන ඇතුළත් තොරතුරු වාර්තාවක් කැඳවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පසුගිය වසරේ ජුනි 30 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා මාස 06ක කාලය සඳහා මාසිකව වැය වී ඇති ඒකක ගණන පිළිබඳ දත්ත ලබාගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ජාතික බලශක්ති විභවයන්, ක්‍රම උපායන් සහ මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම දත්ත ලබාගැනීම සිදුකරනු ලබයි.
ඒ අනුව ජුනි මස 30 වන දිනට පෙර සියලු රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය, විදුලිය, ඉන්ධන සහ දුරකථන පරිභෝජනය පිළිබඳ දත්ත ලබාදෙන ලෙස සියලුම ආයතන ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
මීට අමතරව මේ වසරේ ඉදිරි මාස 06 සඳහා බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් කාර්යයන් පිළිබඳව තොරතුරු ද ලබාදෙන ලෙස අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වේ.
The post රාජ්‍ය ආයතනවලට අදාළව තවත් චක්‍රලේඛයක් නිකුත් කරයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/dpufeQK
via IFTTT


