Loading..

සෞඛ්‍ය සේවකයින් නිසා මුළු රාජ්‍ය සේවකයින්ටම පැනවූ නීතිය

රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්‍රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්ය කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එන්. රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා නිකුත් කර තිබුණි.

කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර කිහිපයේ දී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, ඒ හරහා ඇතැම් සේවකයින් වාසි ලබාගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් සේවකයින් සිය ආයතන සඳහා උදෑසන 10ට පමණ පැමිණ පැමිණීමේ සහ පිටවීමේ ලොග් පොතෙහි පැමිණි වේලාව ලෙස සඳහන් කර ඇත්තේ උදෑසන 8 බව ද වාර්තා වේ.

එලෙස සඳහන් කර ඇති බොහෝ සේවකයින් අතිකාල දීමනා ලබාගෙන ඇති අතර, මෙම තත්ත්වය වැඩි වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දක්නට ලැබෙන බවත් වාර්තා වේ.

ඒ අනුව මින් ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අද සිට සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කර තිබේ.

The post සෞඛ්‍ය සේවකයින් නිසා මුළු රාජ්‍ය සේවකයින්ටම පැනවූ නීතිය first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZA7awN9
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.