ෆේස්බුක් දත්ත හුවමාරු කිරීමේදී පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවූ බවට හා දත්ත වැරදි ලෙස හැසිරවීම යන චෝදනා යටතේ අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම (DPC) විසින් ෆේස්බුක් හිමිකාරිත්වය දරන මෙටා සමාගමට යුරෝ බිලියන 1.2ක (පවුම් බිලියන 1ක) දඩයක් නියම කර තිබේ.
එම දඩ මුදල යුරෝපා සංගමයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (GDPR) පෞද්ගලිකත්ව නීතිය යටතේ පනවන ලද විශාලතම දඩ මුදල වේ.මෙටා සමාගම පවසන්නේ මෙම අසාධාරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව ය.
ෆේස්බුක් සමාගමට නැගෙන තවත් චෝදනාවක් වනුයේ ඇමෙරිකානු බලධාරීන් ෆේස්බුක් සහ ගූගල් වැනි තාක්‍ෂණ සමාගම් හරහා මිනිසුන්ගේ තොරතුරු වෙත ප්‍රවේශ වී ඇති බව යි.
විශේෂඥයන් පවසා ඇත්තේ,මෙම දඩ මුදල් හෝ චෝදනාවන් මගින් මෙටා සමාගමේ පෞද්ගලිකත්ව භාවිතයන් (privacy practices) වෙනස් නොවනු ඇතැයි තමන් සිතන බව ය.නීතිවිරෝධී විධියට වාහන ගාල් කරලා බිලියන ගණනක් උපයන සමාගමකට, වැරදි විධියට වාහනයක් ගාල් කළා කියලා අය කරන යුරෝ බිලියනයක දඩයක කිසි ම ඵලක් නෑ,” සිවිල් නිදහස සඳහා වූ අයර්ලන්ත කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ජොනී රයන් එසේ පවසයි.
The post Facebook හි හිමිකාරිත්වය දරන සමාගමට යුරෝ බිලියන 1.2ක දඩයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/O0g5hbs
via IFTTT


