අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිතයි.
මෙම එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක මුදලක් ලැබෙනු ඇති.
අදාළ අරමුදල් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල එකඟතාව හිමිව තිබෙනවා.
පසුගිය මාර්තු මසදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමෙන් අනතුරුව මෙරටට ලැබුණු විශාලතම මුල්‍ය සහාය මෙය වනවා.
මේ අතර පසුගිය සතියේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන් පෙන්වා දුන්නේ ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට අනුමත කර ඇති බවයි.
ඒ අනුව අනෙක් ඩොලර් මිලියන 200 සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ලැබෙනු ඇති බව සඳහන්.
The post මෙරට ආර්ථිකය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු දල්වමින් ලෝක බැංකුවෙන් ලංකාවට ලැබුණු ආධාරය first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/qmT7gG0
via IFTTT


