Loading..

ශර ලකන ගවන සමගම සවකයන හයදහසක රකය අහමවම අවදනමක!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගත නොකළහොත්, එහි සේවකයන් හය දහසකගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් උද්ගත වී ඇති බව, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබන බව පවසන අමාත්‍යවරයා, ගුවන් සේවය නඩත්තු කිරීම රජයට තව දුරටත් කළ නොහැකි බවද පවසයි.
එසේම, ගුවන් සේවය නඩත්තු කිරීම සදහා මහජන බදු මුදල් වැයකිරීම අසාධාරණ බවද අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සදහා විදේශීය මූල්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීම, රජය මේ වන විටත් අරඹා ඇතැයි අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදු කරන බවද අමාත්‍යවරයා පවසා තිබේ

The post ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයන් හයදහසක් රැකියා අහිමිවීමේ අවදානමක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GsfPv3j
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.