ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ ශූරයින් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟ ප්‍රතිඵලයත් සමඟ නව ලෝක වාර්තා ද්විත්වයක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
ඒ, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී ප්‍රතිවාදී කණ්ඩායමක් පිට පිටම අවස්ථා 10කදී ලකුණු 250කට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවති තරඟයේදි නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 105කට දවා ගැනීමට සමත් වුණා.
මින් පෙර එම ලෝක වාර්තාව පාකිස්තාන කණ්ඩායම විසින් පිහිටුවා තිබුණි.
එමෙන්ම එක්දින තරග වලදී පිට පිට වැඩිම වරක් ප්‍රතිවාදී කඩුලු දහයම දවා ගත් ලෝක වාර්තාව සම කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
The post ශ්‍රී ලංකා පිලෙන් ලෝක වාර්තා ද්විත්වයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ZDfzERC
via IFTTT


