Loading..

වතුරටත් සූත්‍රයක් හඳුන්වා දෙයි

ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇත.

ජල ගාස්තු සංශෝධනය සකස් කිරීමේ දී මෙහෙයුම් පිරිවැය පමණක් පියවා ගැනීම සහ මෙහෙයුම් පිරිවැය හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ණය සේවාකරණය පියවා ගැනීම යන ක්‍රමවේද දෙක සැලකිල්ලට ගනිමින් මෙය සිදු කළ යුතු බටව යෝජනා වී තිබේ.

එහිදී සමෘද්ධිලාභීන්, සමෘද්ධි නොවන කුලී වැඩ කරන්නන් වතු කම්කරුවන්ට ගාස්තු ඉහළ නැංවීමක් යෝජනාකර නොමැත.

එමෙන්ම ගෘහස්තව අඩු ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ඒකකයක පිරිවැයෙන් 20%ක සහානාධාරයක් ලබාදීමටද යෝජනා වී තිබේ.

ගාස්තු සංශෝධනයේදී හෘහස්ථ සහ මලාපවහන යන අංශ දෙකෙහි සංශෝධනයක් සිදු කිරීමට යෝජනා කර ඇත.

යෝජිත ගාස්තු සංශෝධනය කඩිනමින් ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් බිලියන හතක මාසික ආදායමක් ලබා ගැනීමටද ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇත.

විදුලි ගාස්තු සංශෝධනය සමගින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට යෝජනා වී තිබේ.

ගාස්තු සංශෝධනයට අමතරව ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් සකස් කිරීමටද අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත. 

The post වතුරටත් සූත්‍රයක් හඳුන්වා දෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/z27h6JU
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.