රජය මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව සමගි ජන බලවේයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා පසුගියදා පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ධුරයෙන් ඉවත් වුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටින්නේ, රජයේ සේවකයන්ට ද ඔවුන්ගේ රැකියාව මෙන්ම වැටුප ද යළි ලබා දීමට අදාළ තීන්දු තීරණ ගෙන ඇති පසුබිමක තමාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ ඊට අදාළ වරප්‍රසාද ලබා දිය යුතු බවයි.
මේ වනවිට මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඒ.එච්.එම් ෆවුසි හිමිව තිබෙනවා.
ඒ හේතුවෙන් මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව හිටපු මන්ත්‍රීවරයා පවසනවා.
The post මට ආපහු පාර්ලිමේන්තුවට යන්න ඕනි! මන්ත්‍රීකම ඉල්ලා මුජිබර් රහුමාන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසෙයි! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/WR9XnfM
via IFTTT


