Loading..

විදෙස්ගතවීමට බලාපොරොත්තුවන ශ්‍රමිකයින් සඳහා දැනුම්දීමක්

විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වන පුහුණු පාඨමාලා මේ වනවිට ආරම්භ කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයත් සමග ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට පසුගිය දිනෙක අත්සන් තැබුවේ ය.   ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න මහතා පැවසුවේ සෑම මධ්‍යස්ථානයකම තවත් පාඨමාලා 50% කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට නියමිත බවයි.

තවත් 4000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 206 න් 107 ක් මෙයට යොදවා තිබේ.

සන්ධ්‍යා කාලයේ හා සති අන්තයේ මෙම පාඨමාලා පැවැත්වෙන බැවින් රැකියාවක නිරත වන අයෙකුට වුවද මෙය සිදු කළ හැකියි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0117 277 888 සහ 0117 270 270 යන දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකි ය.

The post විදෙස්ගතවීමට බලාපොරොත්තුවන ශ්‍රමිකයින් සඳහා දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KNHCPDI
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.