Loading..

විදුහල්පතිවරයෙකුට හා ගුරුවරියකට හා පාසල තුළදී හෙල්මට් ප්‍රහාරයක්

විදුහල්පතිවරයකුට සහ එම පාසලේ සේවය කරන ගුරුවරියකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුලියාපිටිය පොලීසිය වාර්තා කරයි.

කුලියාපිටිය, වයඹ විශ්වාලෝක විද්‍යාලයේ විදුහල්පති සහ එම විදුහලේ ගුරුවරියක් මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (11) වනදා දහවල් මෙම සිද්ධිය සිදු ව ඇති අතර, එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටින සිසුවියකගේ බාප්පා සහ ඔහුගේ බිරිඳ කිසියම් හේතුවක් නිසා විදුහල්පතිවරයා හමුවීමට පැමිණ ඇති බවත් ඔවුන් විදුහල්පති කාමරයේ සාකච්ඡා කරමින් සිටින අතරතුර බාප්පා යන පුද්ගලයා විසින් විදුහල්පතිවරයාට ආරක්ෂිත හිස් වැසුමකින් පහර දී ඇති බවත් වාර්තා වෙයි.

ආරවුල බේරීම සදහා පාසල් ගුරුවරිය ද ඊට මැදිහත් වී ඇති බව වාර්තා වෙයි.

විදුහල්පතිවරයා සහ ගුරුවරිය මේ සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසියට පැමිණිළි කර ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.

කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.



from TODAY NEWS LK https://ift.tt/z3049tR
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.