Loading..

චීනයට ප්‍රබල භූ කම්පනයක්

නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ අද (06) රිච්ටර් මාපාංක 5.5ක භූකම්පනයක් සිදු ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

භූකම්පනයෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 126ක් කඩාවැටී ඇති බව වාර්තා වෙයි.

චීන භූකම්පන ජාල මධ්‍යස්ථානය වාර්තා කරන ආකාරයට මෙම භූකම්පනය, පිංයුවාන් ප්‍රාන්තයේ ඩෙෂෝ නගරයේ කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයයේ හටගෙන ඇති බව සඳහන්ය.

ආපදා හේතුවෙන් චීනයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති බව වාර්තා වෙයි.



from TODAY NEWS LK https://ift.tt/uL6Umoy
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.