Loading..

IMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන ප්‍රකාශයක්

IMF විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියන 2.9 ක ණය වාරිකය සම්බන්ධ පළමු සමාලෝචනය සැප්තැම්බර් 11 සිට 19 දක්වා සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.

දින අටක සමාලෝචනය සැප්තැම්බර් 11 සිට 19 දක්වා පැවැත්වීමට නියමිත අතර මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යවරයා මෙම සමාලෝචනයට සම්බන්ධ වනු ඇතැයි වාර්තා වෙනවා.

මූල්‍ය අරමුදල විසින් පැනවූ කොන්දේසි 9 සම්පූර්ණ කිරීමට හැකි වූ බවත්, 2027 දක්වා තවත් වාරික 8ක් නිකුත් කිරීම සඳහා ඔවුන් වැඩපිළිවෙල සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා. මෙම සමාලෝචනයෙන් පසු තවත් ඩොලර් මිලියන 350ක මුදලක් මෙරටට ලබා දෙනු ඇතැයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.



from TODAY NEWS LK https://ift.tt/r5Uex7E
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.