Loading..

මැතිව්ස්ගේ සටන්කාමී ඉනිම LPL ශූරතාවය නුවරට හිමිකර දෙයි

සිවුවන ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් අනතුරුව දඹුල්ල අවුරා කණ්ඩායම පරාජයට පත් කරමින් බී ලව් කැන්ඩි කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරනු ලැබුවා.

වනිඳු හසරංග අවසන් පූර්ව තරගයේදී ආබාධයකට ලක් වීම හේතුවෙන් LPL අවසන් මහා තරගයේදී බී ලව් කැන්ඩි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ට පැවරී තිබුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් දඹුල්ල නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 147ක්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ධනංජය ද සිල්වා වේගවත් ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය.

පන්දු 25කට මුහුණදුන් කුසල් පෙරේරා නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 31කි.

පන්දු යැවීමේදී බී-ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

අනතුරු පිටියට පැමිණි බී-ලව් කැන්ඩි පිල පන්දුවාර 19යි පන්දු 5කදී කඩුළු 5ක් දැවී ලකුණු 151ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

බී-ලව් කැන්ඩි පිල වෙනුවෙන් කමිදු මෙන්ඩිස් පන්දු 37කදී ලකුණු 44ක් රැස්කර ගැනීමට සමත් වීය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.

මොහොමඩ් හාරිස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 26කි.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී පන්දු 21කදී ලකුණු 25ක් රැස් කර ගත්තේය.

පන්දු යැවීමේදී දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් නූර් අහමඩ් කඩුළු 3ක් බිදදැමීමට සමත් විය.

මේ අතරවාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද LPL අවසන් මහා තරගය නැරඹීමට එක්ව සිටියා



from TODAY NEWS LK https://ift.tt/G3VnWTe
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.