Loading..

‘ලූනා 25’ සඳ මතට කඩා වටෙයි

වසර 47කින් පසු පළමුවරට රුසියාව, සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී තිබේ.

සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කළේ පසුගිය 11 වනදාය.

යානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟාවීමට යානය අපොහොසත් වූ බව රුසියාව මීට පෙර ප්‍රකාශ කළේය.

රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් නිවේදනය කළේ, යානය සමඟ පැවති සබඳතා බිඳ වැටුණු බවයි.



from TODAY NEWS LK https://ift.tt/Wpism2T
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.