ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති ක්‍රිකට් තරගයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත්විය.
ඒ මේ වනවිට චීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ය.
එහිදී නේපාල කණ්ඩායම කඩුලු 03ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 314ක් රැස්කරමින් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබේ.
නේපාල ක්‍රීඩක ඩිපෙන්ද්‍ර සිං පන්දු 9කදී වේගවත් අර්ධ ශතකය වාර්තා කරමින් තවත් ලෝක වාර්තාවක් බිහි කළේය.
පන්දු 34කදී ශතකයක් වාර්තා කිරීමට සමත්වූ නේපාල ක්‍රීඩක කුෂාල් මල්ලා තවත් ලෝක වාර්තාවකට හිමිකම් කීය.

from TODAY NEWS LK https://ift.tt/8KQMWPS
via IFTTT


