Loading..

අද වැසි ලැබෙන ප්‍රදේශ

අද(11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවයි.

මන්නාරම, වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව වාර්තා වෙනවා.

ඌව පළාතේ හා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව මෙම නිවේදනයේ සඳහන් වෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40- 45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියාව තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලන බවයි.



from TODAY NEWS LK https://ift.tt/VyOeuJY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.