Loading..

සැලියුට් ගැහුවේ නැහැයි කියා පොලිස් පරීක්ෂක,පොලිස් කොස්තාපල්ට කණේ පාරක් ගහයි

සැලියුට් එකක් ගසා ආචාර නොකළේ යැයි කියමින්දෙනෝදාහක් බලා සිටියදී ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගේ කනට වැරෙන් පහරක් ගැසූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැන බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයකින් වාර්තා වේ.

දෙනෝදාහක් බලා සිටියදී කනේ පහර කෑමට ලක් වීම නිසා කොස්තාපල්වරයා ලැජ්ජාවට පත්ව ඇතැයිද පැවසේ.

කනේ පහර කෑ ආධුනික පොලිස් කොස්තාපල්වරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආධුනික පොලිස් කොස්තාපල්වරයා අදාළ පොලිස් වසමේ පිහිටි බැංකුවක් ඉදිරිපිට රාජකාරි කටයුතුවල නිරතව නිරත වෙමින් සිටි අතර වාරයේ නිල ඇඳුමෙන් සැරසී පැමිණි උප පොලිස් පරීක්ෂකවරයකු ඔහුට සැලියුට් එකක් ගසා ආචාර නොකළ බවට චෝදනා මෙසේ කනට වැරෙන් පහරක් ගසා ඇතැයි එම පොලිස් ආරංචි ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.



from TODAY NEWS LK https://ift.tt/wuebl2H
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.