Loading..

ප්‍රබල කුඩු රජෙක් බන්ධනාගාරයේදී මිය යයි

මරණ දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‘සියාම්’ නැමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු එහිදී මියගොස් තිබේ.

2003 වසරේ දී පොලිසිය විසින් මෙම පුද්ගලයා හා බිරිද අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනක් සමගයි.

මැණික් ව්‍යාපාරිකයකු පෙනි සිටිමින් දේශපාලකයන් සමග සමීපව ඇසුරු කරමින් සිටි මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට අයත් කොළඹ 7 පිහිටි සුඛෝපභෝගී නිවසක දීය.

2007 වසරේ ඔහුටත් ඔහුගේ බිරිඳටත් මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලද අතර එතැන් සිට මේ දක්වා එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් වැලිකඩ බන්ධනාගාරය රඳවා තිබිණි.



from TODAY NEWS LK https://ift.tt/vWqc8AL
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.