බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසය.
නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව බස්නාහිර සහ සබගරමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.
අද (28) උදෑසන 7.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 101.5ක් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
from TODAY NEWS LK https://ift.tt/TDcSeKB
via IFTTT


