Loading..

පුද්ගලයන් සිව්දෙනෙකුට මරණ දඬුවම නියම කරයි

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් සිව්දෙනකුට ඊයේ (11) මරණ දඩුවම් නියම කර තිබෙනවා.

කළුතර කලමුල්ල රිදී මාවතේ පදිංචිව පුද්ගලයෙකු 1996 ජනවාරි 02 දින මදිනකන්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධ සහ මොට ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සහ ඔහුගේ බාල සොහොයුරාට පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්දයෙන් සැකකරුවන් හත් දෙනෙකුට අධිචෝදනා එල්ල කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නඩුවේ 1, 2,3 සහ 5 වන විත්තිකරුවන් හට මෙහිදී මරණ දඩුවම නියම කළ අතර, 6 සහ 7 විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ 4 වන විත්තිකරු මේ වන විට මියගොස් ඇති බවට මහාධිකරණයේ දී කරුණු අනාවරණය වී තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/AwdZFat
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.