Loading..

ඕස්ට්‍රේලියාවේ රැකියාවලට යන්න ඉන්න අයට කණගාටුදායක පුවතක්

ඔස්ට්‍රේලියාව තුල රැකියා පුරප්පාඩු සංඛ්‍යාව අගෝස්තු මාසයේදී සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව සංඛ්‍යාලේඛන කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මාසයේදී රැකියා පුරප්පාඩු 390,000 ක් පැවති අතර එම අගය මැයි මස සිට පුරප්පාඩු 38,000 ක අඩුවීමක් බවයි වාර්තා වන්නේ.

මැයි සිට අගෝස්තු දක්වා රැකියා පුරප්පාඩුවල අඩුවීම සියයට 9 ක් වන අතර මේ හේතුවෙන් විරැකියා අනුපාතිකයද ඉහළ ගොස් ඇති බව සඳහන්.

අවම වශයෙන් මසකට එක් පුරප්පාඩුවක් හෝ වාර්තා කරන ආයතනයන්හි පුරප්පාඩු සංඛ්‍යාව මැයි සිට අගෝස්තු දක්වා සියයට 25 සිට සියයට 22 දක්වා පහත වැටී තිබුණා.

රාජ්‍ය අංශයේ පුරප්පාඩු 3,000 කින් ද පෞද්ගලික අංශය පුරප්පාඩු 35,000 කින් ද අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශය කියාසිටියේ.

වැඩිම රැකියා පුරප්පාඩු අඩුවීම ACT ප්‍රාන්තයෙන් සටහන් වන අතර රැකියා පුරප්පාඩුවල ඉහළයාමක් සටහන් වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පමණයි.



from TODAY NEWS LK https://ift.tt/jZdcikP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.