Loading..

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා නිවාස ඒකක

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා නිවාස ඒකක 144 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ, නාරාහේන්පිට ඉදිකළ මෙම නිවාස සංකීර්ණයේ නේවාසික පහසුකම් සපයන සිසුන් සංඛ්‍යාව 800 ක් බව පැවසෙයි.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ,නිදන කාමර දෙකකින් සමන්විත වර්ග අඩි 450 ක එක් නිවසක වත්මන් වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන බවය.

එම අධිකාරිය මෙම මහල් නිවාස සංකීර්ණය කොළඹ විශ්වවිද්‍යාලයට ලබාදෙන්නේ නිදහස් දීමනාවක් ලෙසය.

අනෙක් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ද මෙවැනි නිවාස සංකීර්ණ ඉදිකිරීමේ හැකියාව සොයාබලන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.



from TODAY NEWS LK https://ift.tt/iszPEoC
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.