Loading..

රාජ්‍ය බැංකුවල කොටස් පෞද්ගලික අංශයට ?

රාජ්‍ය බැංකු හයක කොටස් පෞද්ගලික අංශයට විකිණීමට රජය සැලසුම් කරමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පැවසීය.

මෙහි මුල් පියවර වශයෙන් රාජ්‍ය බැංකු, සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ඒ අනුව දැනට ක්‍රියාත්මක රාජ්‍ය බැංකු පනත් අහෝසි වන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම බැංකු හය අතරට ලෝකයේ විශාලතම රාජ්‍ය බැංකු 30ට ඇතුළත් වන බැංකු දෙකක්ද ඇති බව ඔහු වැඩිදුරටත් කීය.

රාජ්‍ය බැංකු පිහිටුවීමේ පරමාර්ථය වන්නේ ඈත ගම්නියම්ගම්වල ජනතාවට සේවය කිරීමට විනා ලාභ අපේක්ෂාව මූලික කරගෙන ක්‍රියා කිරීම නොවන බවද ඔහු අවධාරණය කළේය.

රාජ්‍ය බැංකු දේශපාලන බලපෑම්වලින් සහ ව්‍යාපාර මාෆියාවෙන් ගලසේනානායකයන් සඳහා ඉදිරියේදී ජනතාව සමඟ ද සම්බන්ධ වී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව හෙතෙම පැවසීය.
(දේශය පුවත්පත)



from TODAY NEWS LK https://ift.tt/B2qXTdf
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.