Loading..

මහීෂ් තීක්ෂණගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නෙදර්ලන්තය සමග පැවැති තරගයේදී ඔහුගේ දකුණු පාදයේ වේදනාවක් ඇතිව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුගේ ආබාධය සුව වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව ඔහු ඊයේ දිනයේ දී කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් සදහා ද එක්ව තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/czf49kM
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.