Loading..

“වෛද්‍යවරුන් පවසන ආකාරයට සදාකාලිකව පෙනීම නැතිවීමටද ඉඩ තියෙනවා” – ජනප්‍රිය නළුවකුගේ පුතෙකුට සිදු වූ සංවේදී ඉරණම

මෙනුක ප්‍රේමරත්න කියන්නේ, ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය නළුවෙක්. අද ඔහුගේ පුතු ඉතාමත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නා.

ඔහුගේ පාසල් වියේ පසුවන පුතුට,එම පාසලේම තවත් ශිෂ්‍යයකු සිදු කල ක්‍රියාවක් හේතුවෙන් ඔහුගේ ඇසට දැඩි හානි සිදු වී ඇති බවට ඔහු විශේෂ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්…

“රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔෂධ එරෂ්මික ප්‍රේමරත්න වන මාගේ පුතා හට ඔහුගේ 10 වන ශ්‍රේණියේ ම ඉගෙනුම ලබන තවත් ශිෂ්‍යයෙකුගේ යම් ක්‍රියාවක් හේතුවෙන් මාගේ පුතාගේ වම් ඇසට දැඩි ලෙස හානි සිදු වී ඇත…

එහෙයින් අද දහවල් කාලයේදී දරුවා කොළඹ ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කොට හදිසි ශල්‍ය කර්මයකට මේ වන විට භාජනය කොට ඇත. වෛද්‍යවරුන් පවසන ආකාරයට සදාකාලික පෙනීම නැතිවීමටද ඉඩ ඇත. පාසල තුළ සිදුවන මෙවැනි ක්‍රියාවන් පියෙක් ලෙස දැඩි ලෙස හෙළා දකිමි.

මේ වන විට රෝහල විසින් රෝහල් පොලීසිය වෙත මෙම සිදුවීම දැනුවත් කොට ඇත. ශල්‍යකර්මය සාර්ථක වී දරුවාට සුපුරුදු පෙනීම ලබාගැනීම සහ ඉක්මන් සුවය ලබාගැනීමට සැවොම ප්‍රාර්ථනා කරමු????…”



from TODAY NEWS LK https://ift.tt/6NylLEk
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.