Loading..

අද සිට කාලගුණයේ සිදුවන වෙනස්වීම

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද(27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



from TODAY NEWS LK https://ift.tt/O4VTt60
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.