Loading..

විශ්‍රාමික, ආබාධිත හා වැඩිහිටි දීමනා සම්බන්ධයෙන් ගත් තීරණය

තැපැල් කාර්යාල මඟින් ගෙවනු ලබන විශ්‍රාමික, ආබාධිත හා වැඩිහිටි දීමනා බැංකු ගුණුම්වලට බැර වන අලුත් තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (12) පැවසුවා.

ඒ සඳහා අවශ්‍ය ඩිජිටල්කරණ ක්‍රමවේදය කඩිනමින් සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම් දුන් බව ද ඇමැතිවරයා කීවේය. දිගටම අලාභ ලබමින් තිබූ තැපැල් දෙපාර්තමේන්තුව ලබන වසරේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට පුළුවන් ආකාරයට අලාභය අඩු කරමින් තිබියදී මෙලෙස කඩාකප්පල්කාරී ක්‍රියා කිරීම වැරදි බවත් පැවසීය.

ඔහු පැවසුවේ අසාධාරණ තැපැල් වර්ජනය නිසා අපහසුතාවට පත්වන ජනතාව වෙනුවෙන් එම පියවර ගැනීමට තීරණය කළ බවයි



from TODAY NEWS LK https://ift.tt/ICT7F5R
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.