Loading..

ශත 18ක හිඟ විදුලි බිලක් නිසා නිවසක විදුලිය විසන්ධි කරලා

ශත දහඅටක හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් ගාල්ල කන්දවත්තේ ප්‍රදේශයක නිවසක විදුලිය විසන්ධි කිරීමේ පුවතක් වාර්තා වේ.

නිවසේ හිමිකරු සදහන් කළේ රුපියල් 6,650 ශත 18ක මුදලක් විදුලි බිලට ගෙවීමට තිබූ බැවින් එය පසුගිය දිනක තමන් ලංකා විදුලි පෞද්ගලික සමාගම වෙත රු. 6,650ක මුදලක් ගෙවූ බවයි.

ශත 18ක මුදල ගෙවීමට ඉතිරි වී ඇති අතර ඒ පිළිබඳව ඔහු සමාගමෙන් විමසා තිබෙනවා.

එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සත 18ට විදුලිය විසන්ධි නොකරන බවයි.

කෙසේ වෙතත් මීට දින 4කට පමණ පෙර තමන් නිවසේ නොසිටි අවස්ථාවේ විදුලිය විසන්ධි කර ඇති බවට ඔහු චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ගාල්ල ශාඛාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ කිසියම් අතපසුවීමක් සිදුවී ඇති බැවින් ගාස්තුවක් අයනොකර යළි විදුලිය සැපයීම ලබා දීමට පියවර ගත් බවයි.



from TODAY NEWS LK https://ift.tt/qtrpyP7
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.