Loading..

මළ සිරුරකින් රුපියල් පන්දහස බැගින් ඉපැයූ නගර සභා සේවිකාව අත්අඩංගුවට

මළ සිරුරු ආදාහනය කිරීම සඳහා රුපියල් පන්ලක්ෂ පනස්දහසක මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහ නගර සභා සීමාව තුළ පදිංචිකරුවෙකුගෙන් රුපියල් 20,000ක් අය කෙරෙන අතර බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කර රුපියල් 25,000 ක් බැගින් මුදල් ලබාගෙන ඇති බවයි හෙළිවුණේ.

පසුව මේ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කළ අතර, සැකකාරිය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් නියෝග කෙරුණේ සැකකාරිය මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි.



from TODAY NEWS LK https://ift.tt/ObwR8tM
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.