Loading..

උද්දික වෙනුවට පාර්ලිමේන්තුවට එන අලුත් මන්ත්‍රී

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබේ.

කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණි.

ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්. සි. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව අනුමත කිරීමෙන් පසු එස්. සි. මුතුකුමාරණ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට කටයුතු කෙරෙයි.



from TODAY NEWS LK https://ift.tt/MjBTC1L
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.