පවතින දැඩි උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ(29) පස්වරුවේ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ පැය 24ක් දක්වා බලපැවැත්වෙන පරිදියි.
එම නිවේදනය මඟින් උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිරතුරු සිරුර සිසිල් කර ගන්නා ලෙසත් සැහැල්ලු ළා පැහැති ඇඳුම් භාවිතා කරන ලෙසයි.
from TODAY NEWS LK https://ift.tt/T0MB95X
via IFTTT


