තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඒ් පිළිබඳව අවසන් තීරණය ලබන ජූනි මස අවසානයේදී ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.
කෙසේවෙතත් දේශපාලන ආරංචිමාර්ග මින් පෙර සඳහන් කර සිටියේ මැයි මස මැද භාගයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දුව දැනුම් දීමට නියමිත බවයි.
ඔහු සිදුකරන ජනමත සමීක්ෂණ දෙකක ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව තීන්දුව දැනුම්දීමට නියමිත බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
පසුගිය අඟහරුවාදා සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේදී මෙන්ම ඉන් අනතුරුව පැවති ආණ්ඩුවට සහය දෙන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවේදීද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ තමන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.
එමෙන්ම එය ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
පොහොට්ටුවේ අවසන් තීරණය ඉන් අනතුරුව ගන්නා බව බැසිල් රාජපක්ෂ දන්වා ඇති බවද වාර්තා වනවා.
ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්ව තීන්දුව කල් දමා ඇත්තේ අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු රජයෙන් ජනතාවට විවිධ සහන ප්‍රදානය කිරීම ගැටලු සහගත වන බැවින් යැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
from TODAY NEWS LK https://ift.tt/ZuB2CRX
via IFTTT


