Loading..

35 හැවිරිදි ගාල්ලේ කාන්තාවකගේ ලක්ෂ 1300ක් වටිනා දේපළ රාජසන්තක කරයි

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවකගේ රුපියල් කෝටි 13 ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ දේපළ උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ කාන්තාවකට අයත් මිලියන 130ක් වටිනා දේපළ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ මෙලෙස තහනම් කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව ගාල්ල, දඩල්ලේ පිහිටි හෝටලයක් සහ අක්මීමන, වලහන්දුව පිහිටි ඉඩමක් එලෙස පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

35 හැවිරිදි අදාළ කාන්තාව ගාල්ලේ පදිංචිකාරිනියක් වන අතර එම දේපල උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතුවෙනුයි මෙලෙස ඇයගේ වත්කම් රාජ සන්තක කර ඇත්තේ.

The post 35 හැවිරිදි ගාල්ලේ කාන්තාවකගේ ලක්ෂ 1300ක් වටිනා දේපළ රාජසන්තක කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NbJSoD4
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.